Cart empty

ත්‍රිභාෂා ශබ්ද කෝෂය

ත්‍රිභාෂා ශබ්ද කෝෂය 

 

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වඩාත් ඵලදායීව ක්‍රියාවට නංවනු පිණිස පහත සඳහන් ග්‍රන්ථ දෙක සම්පාදනය කර මුද්‍රණාද්වාරයෙන් එළිදක්වා ඇත.

 

  1. සිංහලශීර්ෂවචනයසහිත ත්‍රිභාෂා ශබ්ද කෝෂය  

  2. දෙමළශීර්ෂවචනයසහිතත්‍රිභාෂාශබ්දකෝෂය

රාජ්‍ය සේවකයින්ට, පරිවර්තකයන්ට, විද්‍යාර්ථීන්ට, භාෂා උපදේශකයන්ට, පාසල් සිසුන්ට  මෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා හදාරන්නන්ට මහඟු අත්වැලක් වන මෙම ශබ්දකෝෂ  ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදනය කර ඇත.

රාජ්‍ය ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ පළ කරන ලද ප්‍රථම සහ විශාලතම මෙන්ම වැඩිම වචන සංඛ්‍යාවකින් යුත් ත්‍රිභාෂා ශබ්ද කෝෂය ද මෙය වේ.   වචන 26,500 කට ආසන්නව ඇති මෙම එක් ග්‍රන්ථයක මිල රු. 3000.00 වේ.  පුස්තකාල භාවිතය මෙන්ම ත්‍යාග වශයෙන් ප්‍රදානයටද මෙම ශබ්දකෝෂ ඉතා වැදගත් වේ.

මෙම ශබ්දකෝෂ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු අළෙවි සැලෙන් මිලදී ගත හැකි බව කාරුණිකව දන්වමි. 

 විමසීම් සහකාර කොමසාරිස් (විභාග) – 0718004843 

              ඉන්දිකා  - 0712636628 

              තමාරා    -  0778316023

 

 

 



යාවත්කාලීනය: 15-08-2017
ඉහළට