Cart empty

පරිවර්තන අංශය

රජයේ නිල භාෂා පරිවර්තකයා වශයෙන් කටයුතු කරන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තන අංශය මඟින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය භාෂා පරිවර්තන කටයුතු සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ඉටු කරනු ලැබේ. රාජ්‍ය ආයතනවලින් ගාස්තු අය නොකරන අතර අර්ධ රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 2003/(1) අනුව ගාස්තු අය කරනු ලැබේ. ඔබට උසස් වෘත්තීය පරිවර්තන සේවයක් ලබා දීමට අපි සූදානමින් සිටින්නෙමු.

ඔබ ආයතනයේ භාෂා පරිවර්තකයන් නොමැති නම් පමණක් ඔබට අපගේ සේවය ලබාගත හැකි ය.

ඒ සඳහා,

  • වෙබ් අඩවියේ සඳහන් යොමුව ඔස්සේ අදාළ උපදෙස් පරිදි ලේඛන අප වෙත එවන්න. පරිවර්තිත ලේඛන නැවත විද්‍යුත් තැපෑල ඔස්සේ ඔබ වෙත යොමු කරනු ලැබේ.
  • අන්තර්ජාල පහසුකම් නොමැති නම් ආවරණ ලිපියක් සමඟ මුද්‍රිත පිටපත රාජ්‍ය භාෂා කොමසාරිස් වෙත යොමු කිරීමෙන් ඔබේ අවශ්‍යතාව ඉටු කරගත හැකි ය.

ඔබේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට කොපමණ කාලයක් ගතවේ ද?

විවිධ ආයතනවලින් ලේඛන යොමුකරනු ලබන අනුපිළිවෙළ අනුව ඒවා පරිවර්තනය සඳහා යොමු කෙරේ. එහෙත් අවශ්‍යතාව මත මෙය වෙනස් විය හැකි ය. යම් පරිවර්තනයක් ඉටු කිරීමේදී ලේඛනයේ ස්වභාය මත ද ගතවන කාලය වෙනස් විය හැකි ය.


යාවත්කාලීනය: 12-07-2017
ඉහළට